Monday, September 12, 2016

ඉසුරු ලිනක්ස් තුළදී Terminal එකෙන් සංගීතය රස විඳිමු...

Rasika Nanayakkara
ලිනක්ස් මෙහෙයුම් පද්ධතියක තියෙන බල සම්පන්නම මෙවලමක් තමයි Terminal එක. GUI එකකින් සිදුකරන බොහෝ කටයුතු Terminal එකෙනුත් සිදුකරන්න හැකිවීම සහ GUI එකෙන් කරනවා තියා හිතන්නවත් බැරි බොහෝ දේ Terminal එකෙන් වඩාත් පහසුවෙන් සිදුකරගත හැකිවීම මඟින්ම Terminal එක කොපමණ බලසම්පන්න මෙවලමක්ද යන වග අපිට තේරුම් ගන්න පුළුවනි.  දැන් අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ  Terminal එක පමණක්ම  භාවිතයෙන් සංගීතය රසවිඳිනා ආකාරය පිළිබඳවයි.

terminal එක අාධාරයෙන් ඉසුරු ලිනක්ස් පද්ධතියම වසා දැමීම හෝ නැවත ආරම්භ කිරීම.

ඔබ ටර්මිනලය මඟින් පරිගණකය වසා දැමීම හෝ නැවත පණගන්වන්න පුලුවන් බව දන්නවාද..? ඇත්තටම මෙම කාර්‍යයන් පහත විධාන තුලින් ටර්මිනල් එක මඟින් සිදු කරගැනීම ඉතාම සරළ පහසු දෙයක්. මෙම කාර්‍යයන් සිදු කරගැනීමට ඔබට සුපිරි පරිශීලකයා වීමට සිදුවේ.

  • පද්ධතිය වසා දැමීම. power off the system.

    :~# poweroff හෝ :~$ sudo poweroff
  • පද්ධතිය නැවත පණ ගැන්වීම. re-boot the system.

    :~# reboot හෝ :~$ sudo reboot
 මීට අමතරව shutdown හා halt යන විධානයන්ද මේ සඳහා භාවිතා කල හැකිය