Monday, September 12, 2016

ඉසුරු ලිනක්ස් තුළදී Terminal එකෙන් සංගීතය රස විඳිමු...

Rasika Nanayakkara
ලිනක්ස් මෙහෙයුම් පද්ධතියක තියෙන බල සම්පන්නම මෙවලමක් තමයි Terminal එක. GUI එකකින් සිදුකරන බොහෝ කටයුතු Terminal එකෙනුත් සිදුකරන්න හැකිවීම සහ GUI එකෙන් කරනවා තියා හිතන්නවත් බැරි බොහෝ දේ Terminal එකෙන් වඩාත් පහසුවෙන් සිදුකරගත හැකිවීම මඟින්ම Terminal එක කොපමණ බලසම්පන්න මෙවලමක්ද යන වග අපිට තේරුම් ගන්න පුළුවනි.  දැන් අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ  Terminal එක පමණක්ම  භාවිතයෙන් සංගීතය රසවිඳිනා ආකාරය පිළිබඳවයි.
මුලින්ම අපිට මේ සදහා ඉතා පොඩි මෘදුකාංගයක් පිහිටුවාගැනීමට අවශ්‍ය වෙනවා. ඒ මෘදුකාංගයේ නම "mpg321". මේ මෘදුකාංගය ඉසුරු ලිනක්ස් සමඟ පෙර නිමියෙන්ම එන්නේ නැහැ. ඒ නිසා අන්තර්ජාල සම්බන්ධතාවයක් අවශ්‍ය වෙනවා මේ මෘදුකාංගය ස්ථාපනය කරගන්න. ඒ වගේම මතක තියාගන්න මේකෙන් අපිට අහන්න පුළුවන් වෙන්නේ mp3 විතරයි.


mpg321 ස්ථාපනය කරගන්නා ආකාරය


ඉසුරු ලිනක්ස්, උබුන්ටු, ලිනක්ස් මින්ට් හෝ වෙනත් ඩේබියන් ආකාරයේ නිපැයුමකදී Terminal එක විවෘත කරගෙන පහත විධානය දෙන්න.
sudo apt-get install mpg321


Red Hat, Fedora Linux, Cent OS හෝ ඕනෑම Red Hat ආකාරයේ නිපැයුමකදී නම් පහත විධානය මඟින් ස්ථාපනය සිදු කරගන්න පුළුවනි.
sudo yum install mpg321


I 01.png


මුරපදය එහෙම දීලා තප්පර කීපයක් ගියාට පස්සේ මෘදුකාංගය ස්ථාපනය වීම සිදුවෙලා අවසන් වෙයි. පහත රූපයේදී ඔබට පෙනෙන පරිදි කිලෝ බයිට් 100කටත් අඩු ෆයිල් ප්‍රමාණයක් පමණයි මේ මෘදුකාංගය ස්ථාපනය සඳහා බාගත කරගැනීමට අවශ්‍ය වන්නේ.


I 02.png


ස්ථාපනය වීම අවසන් වූවාට පසු අපිට පුළුවනි මේ මෘදුකාංගය භාවිතා කරමින් සංගීතය රසවිඳින්න.


I 03.png


ගීත ඇසීමට භාවිතා කරන්නේ පහත විධානය.


:$ mpg321 <Song>.mp3


උදාහරණයක් විදියට,


:$ mpg321 Bailando.mp3


I 04.png


දැන් ඔබට පුළුවනි Terminal එක පමණක් භාවිතයෙන් සංගීතයට සවන් දෙන්න.


මේ ආකාරයටම ගීත ලැයිස්තුවක් වුවත් වාදනය කරන්න පුළුවනි. ඒ සඳහා මුලින්ම ගීත ලැයිස්තුව සකසාගත යුතුවෙනවා. මේ ගීත ලැයිස්තුවේ file extension එක .lst ආකාරයට සකස් කළයුතු වෙනවා.


I 05.png


I 07.png


දැන් වැඩේ අවසානයි. Terminal එකට ගිහින් පහත විධානය දීමෙන් මේ
ගීත ලැයිස්තුවම වාදනය කරගන්න අපිට පුළුවනි.
:$ mpg321 --list Songs.lst


I 06.png


මේ ආකාරයට ඒ ගීත ලැයිස්තුවම වාදනය කරගත හැකියි.
මෙහෙම Terminal එකෙන් සංගීතය රස විඳිමේ තියෙන වැදගත්කම කුමක්ද?
අපි ගොඩක් වෙලාවට සංගීතය රස විඳින්න පාවිච්චි කරන්නේ GUI players. නමුත් සමහර අවස්ථාවලදී මේ GUI players සදහා වැඩි සම්පත් ප්‍රමාණයක් පරිගණකයෙන් ලබාගන්නවා. ඒක නතර කරන්න පුළුවන් හොදම විදියක් තමා මේ Terminal mp3 player භාවිතය. සාමාන්‍යයෙන් නිතරම වගේ Terminal එක open කරගෙන ඉන්න කෙනෙක්ට ඒකෙම තවත් පටිත්තක් (tab) විවෘත කරගැනීම මඟින් තමන්ට කැමති සංගීතය රසවිදීමට හැකියි.

ඔබත් උත්සාහ කර බලන්න.

1 comment: