Tuesday, September 13, 2016

ඉසුරු ලිනක්ස් පරිගණකයට අලුතෙන් මෘදුකාංග ස්ථාපනය - 02 කොටස

02. Terminal එක භාවිතා කිරීම

ඉසුරු ලිනක්ස් හි මෘදුකාංග ස්ථාපනය සඳහා නොයෙකුත් රූපමය පරිශීලක අතුරු මුහුණත් පැවතිය ද සමහර විට අවශ්‍ය මෘදුකාංගය අන්තර්ජාලය ඔස්සේ සොයා ගැනීමට යම් මොහොතක් ගතවේ. එහෙත් ඉතාමත් වේගවත්ව මෘදුකාංග ස්ථාපනයට Terminal ය භාවිතා කළ හැකිය. මෙය භාවිතා කිරීමට යම් යම් දෙනා හුඹස් බියක් දක්වතත් Linux user කෙනෙකුට Terminal ය තරම් දෙයක් තවත් නොමැත.
 
  • apt-get
 Terminal හි ඉහත විධානය භාවිතා කිරීම මගින් මෘදුකාංග ස්ථාපනය කර ගත හැකිය. මේ සඳහා පරිශීලකයා හට සුපිරි පරිශීලකයා(Super User) වීමට සිදුවේ. අප Terminal ය භාවිතා කරන අවස්ථාවන්හි දී මෙම පරිශීලක අවශ්‍යතාවය සම්පූර්ණ කරනුයේ sudo යන විධානය භාවිතා කිරීම මගිනි. 
මෘදුකාංග ස්ථාපනය සඳහා වැදගත් වන රූපමය පරීශීලක මුහුණතක් ඇති Gdebi යන මෘදුකාංගය ස්ථාපනය සිදු කිරීම Terminal ය මගින් සිදු කරන්නේ කෙසේදැයි බලමු.
මුලින්ම Terminal ය විවෘත කර ගනිමු. ඒ සඳහා  Launcher එකෙහි Dash හි click කොට එහි terminal යනුවෙන් Type කළ විට Terminal ය පෙන්වන අතර එහි click කිරීම මගින් Terminal ය විවෘත වේ. නොඑසේනම් කෙටි මං යුතුරු වුවද භාවිතා කළ හැකිය. 
Keyboard Shortcut: Ctrl + Alt + T


ඉන්පසු පහත විධානය ඇතුල් කොට අවශ්‍යනම් මුරපදය ලබා දී අනෙකුත් අවශ්‍යතා සඳහා පරිගණකය මගින් විමසන ප්‍රශ්නවලට පිළිතුරු ලබා දී ඔබගේ කාර්යයෙහි ඉදිරියට යන්න.


ඉන්පසු ඔබ විසින් ස්ථාපනය කරන ලද වැඩසටහන පරිගණකයේ තිබෙනු දක්නට ලැබේවි.


සැලකිය යුතුයි: අන්තර්ජාල සබඳතාවය පැවතිය යුතුයි.


No comments:

Post a Comment