Wednesday, September 14, 2016

ඉසුරු ලිනක්ස් පරිගණකය (Localhost) තුළ Wordpress ස්ථාපනය කිරීම


වෙබ් අඩවි සකස් කිරීමේ දී භාවිතා කරන සන්ධාර කළමනාකරණ පද්ධති (Content Management System-CMS) අතර ලෝකයේ ජනප්‍රියතාවයක් උසුලන Wordpress තුළ පෙන්වා දිය හැකි විශේෂතා කීපයකි. මෙහි එක් විශේෂත්වයක් නම් බ්ලොග් අඩවියක් ආකාරයට අපගේ වෙබ් අඩවිය පවත්වාගෙන යා හැකි වීමයි. එසේම එහිදී නිර්මාණාත්මක ලෙස මෙන්ම සිත් ඇදගන්නා ආකාරයට වෙබ් අඩවිය සකස් කරගත හැකි වීම මෙහි පවතින තවත් එක් විශේෂත්වයක් ලෙස පෙන්වා දිය හැකිය. එසේම මෙම සන්ධාර කළමනාකරණ පද්ධතිය නොමිලයේ ලබා ගත හැකි වීම ද පෙන්වා දිය හැකිය.
මෙම සන්ධාර කළමනාකරණ පද්ධතිය ඉසුරු ලිනක්ස් තුළ ස්ථාපනය කිරීම එතරම් අපහසු නොවේ. මන්ද යත් මෙම සන්ධාර කළමනාකරණ පද්ධතියක් ස්ථාපනයට පෙර යම් මාදුකාංග කීපයක් ස්ථාපනය කොට පරිගණකය Web Server එකක ක්‍රියාකාරිත්වය ලබා ගැනීම සදහා සකස් කර ගත යුතුය. එම සැකැස්ම ඉසුරු ලිනක්ස් මෙහෙයුම් පද්ධතිය තුළ පෙර නිමියෙන් ලැබේ. එහෙයින් සරල ක්‍රියාකාරකම් කීපයක් ආශ්‍රයෙන් Wordpress ස්ථාපනය කිරීම සිදු කර ගත හැකිය.


01. දත්ත පාදකය සකස් කර ගැනීම.

ඉසුරු ලිනක්ස් 16 වන සංස්කරණයේ mysql හි root නම් user සදහා ලබා දී ඇති මුරපදය 123 වේ. යම් හෙයකින් එය වෙනස් කළ යුතු නම් පහත ක්‍රියාකාරකම් ආශ්‍රයෙන් නව මුරපදයක් ලබා දියහැකිය. ඒ සදහා ටර්මිනලය තුළ

sudo mysql_secure_installation යන්න සඳහන් කොට Enter කරන්න. ඉන්පසුව ඔබගේ පරිගණකයේ සුපිරි පරිශීලක මුරපදය අවශ්‍යනම් එය ලබා දෙන්න. පසුව ලැබෙන පියවරයන් සඳහා පහත සදහන් ආකාරයට පිළිතුරු ලබා දෙමින් ඉදිරියට ගොස් mysql මුරපදය වෙනස් කර ගන්න.

Enter current password for root (enter for none): 123
(පෙරනිමි mysql මුරපදය එය නිසා)
Change the root password?      Y
Type the New Password : (Type your New Password)
Retype    : (Retype your Password again)
Remove anonymous users?     Y
Disallow root login remotely? Y
Remove test database and access to it? Y
Reload privilege tables now? Y

ඉන්පසුව ඔබගේ වෙබ් බ්‍රව්සරය ගෙන එහි localhost/phpmyadmin ලෙස සදහන් කොට Enter කරන්න.
ඔබව මෙම කවුළුව වෙත රැගෙන යනු ඇති. එහිදී username සදහා root යන්න ලබා දී password සදහා ඔබ විසින් mysql සදහා ලබා දුන් මුරපදය ලබා දෙන්න.



ඉන් පසුව පහත පරිදි කවුළුවක් ලැබෙනු ඇති.


එහි Database ටැබ් එක වෙත ගොස් එහිදී නව දත්ත පාදකයක් සකස් කිරිම සදහා ලැබෙන Textbox එක තුළ දත්තපාදකයේ නම සදහන් කොට create යන button එක press කරන්න. ඔබ සකස් කරගත් දත්ත පාදකයේ නම නිවැරදිව මතකයේ තබා ගන්න. එසේ නොමැතිනම් එය සටහන් කර තබා ගන්න.

02. Wordpress බාගත කර ගැනීම

www.wordpress.org වෙබ් ලිපිනයෙන් අදාළ වෙබ් අඩවිය වෙත ගොස් Wordpress නොමිලයේ භාගත කර ගත හැකිය. එය Zip ආකාරයේ ගොනුවක් ලෙස බාගත කර ගැනීමෙන් පසු ඔබට අවශ්‍ය තැනකට එය Extract කර ගන්න.  

03. Wordpress ගොනු www ඩිරෙක්ටරිය තුළට Copy කර ගැනීම.

ඔබ විසින් බාගත කර Extract කරගත් Wordpress ගොනු සියල්ල ඉසුරු ලිනක්ස් පරිගණකයේ Root ඩිරෙක්ටරියේ var නම් ඩිරෙක්ටරිය තුළ ඇති www ඩිරෙක්ටරියේ html ඩිරෙක්ටරියට පිටපත් කර ගත යුතුය. ( /var/www/html/ )
එය ඔබ විවෘත කර ගන්නා සාමාන්‍ය nautilus එක තුළින් සිදු කරගත නොහැකිය. සුපිරි පරිශීලක යටතේ එය විවෘත කර ගත යුතුය. ඒ සඳහා Terminal හි sudo nautilus ලෙස සදහන් කොට Enter කිරීමෙන් විවෘත වන කවුළුව තුළින් එය සිදු කර ගත හැකිය. ඔබ විසින් html ඩිරෙක්ටරිය තුළට පිටපත් කර ගත් wordpress ගොනු අඩංගු ඩිරෙක්ටරියේ නම මතක තබා ගත යුතුය.

04. පිටපත් කරගත් ඩිරෙක්ටරියට permission ලබා දීම

ටර්මිනලයක් ගෙන එහි පහත විධානයන් ක්‍රියාත්මක කළ යුතුය.
sudo chmod -R 777 /var/www/html
sudo chown -R www-data:www-data /var/www/html 



05. Wordpress ස්ථාපනය කිරීම

මේ සදහා browser window එකක් ගෙන එහි ලිපින තීරුවෙහි localhost/wordpress ලෙස සදහන් කර Enter කරන්න. (මෙහි ඔබ විසින් html ඩිරෙක්ටරිය වෙත පිටපත් කළ ඩිරෙක්ටරියේ නම සදහන් කළ යුතුය. මා මෙහි එය wordpress ලෙස සදහන් කොට ඇත)
ඉන්පසු ඔබට ලැබෙන උපදෙස් සදහා පහත පරිදි පිළිතුරු ලබා දී ඉදිරියට යන්න.


Let’s go! යන්න click කළ පසු ඔබව මෙම පියවර වෙත රැගෙන යනු ඇත.



Database Name : ඔබ විසින් සකසා ගන්නා ලද දත්ත පාදකයේ නම ඇතුල් කරන්න.
Username : root යන්න ලබා දෙන්න.
Password : ඉහත දී mysql හි ලබා දුන් මුර පදය ලබා දෙන්න.
Database Host: localhost ලෙස ලබා දෙන්න.
Table Prefix : මෙය වෙනස් කර ගත හැකිය. ආරක්ෂණ අවශ්‍යතා සදහා මෙය වෙනත් hosting එකක සිදු කරන්නේ නම් වෙනස් කළ යුතු වුවත් localhost එකෙහි සිදු කරන නිසා වෙනස් කිරීමක් අවශ්‍ය නොවේ.

ඉන්පසුව Submit බොත්තම මත click කරන්න.

ඉන්පසුව ඔබට ලැබෙනුයේ මෙවැනි කවුළුවකි.



 Run the install යන විධාන බොත්තම මත click කරන්න. ඉන්පසුව ඔබට මෙවැනි පියවරක් ලැබේ.



Site Title : ඔබගේ වෙබ් අඩවිය සදහා නම ලබා දෙන්න.
Username: ඔබ විසින් නැවත Backend එක වෙත පිවිසීම සදහා පරිශීලක නාමය ලබා දෙන්න.
Password: ඔබ විසින් නැවත Backend එක වෙත පිවිසීම සදහා මුර පදය ලබා දෙන්න.
Your Email: ඔබගේ විද්‍යුත් තැපැල් ලිපිනය ලබා දෙන්න.

ඉන්පසුව Install WordPress යන්න මත click කරන්න. ඉන්පසුව ඔබව මෙවැනි පියවරක් වෙත රැගෙන යනු ඇත. එහිදී ඉහත සදහන් කළ පරිශීලක නාමය හා මුර පදය ලබා දෙන්න. ඉන්පසු ඔබට Backend එක වෙත පිවිසිය හැකිය.



ඔබට ලැබෙනුයේ මෙවැනි backend එකකි.



ඔබ දැන් වෙබ් අඩවියක් ඔබගේ පරිගණකයේ සකස් කොට අත්හදා බැලීමට සූදානම්.

3 comments: