Wednesday, September 14, 2016

ඉසුරු ලිනක්ස් පරිගණකය (Localhost) තුළ Wordpress ස්ථාපනය කිරීම


වෙබ් අඩවි සකස් කිරීමේ දී භාවිතා කරන සන්ධාර කළමනාකරණ පද්ධති (Content Management System-CMS) අතර ලෝකයේ ජනප්‍රියතාවයක් උසුලන Wordpress තුළ පෙන්වා දිය හැකි විශේෂතා කීපයකි. මෙහි එක් විශේෂත්වයක් නම් බ්ලොග් අඩවියක් ආකාරයට අපගේ වෙබ් අඩවිය පවත්වාගෙන යා හැකි වීමයි. එසේම එහිදී නිර්මාණාත්මක ලෙස මෙන්ම සිත් ඇදගන්නා ආකාරයට වෙබ් අඩවිය සකස් කරගත හැකි වීම මෙහි පවතින තවත් එක් විශේෂත්වයක් ලෙස පෙන්වා දිය හැකිය. එසේම මෙම සන්ධාර කළමනාකරණ පද්ධතිය නොමිලයේ ලබා ගත හැකි වීම ද පෙන්වා දිය හැකිය.
මෙම සන්ධාර කළමනාකරණ පද්ධතිය ඉසුරු ලිනක්ස් තුළ ස්ථාපනය කිරීම එතරම් අපහසු නොවේ. මන්ද යත් මෙම සන්ධාර කළමනාකරණ පද්ධතියක් ස්ථාපනයට පෙර යම් මාදුකාංග කීපයක් ස්ථාපනය කොට පරිගණකය Web Server එකක ක්‍රියාකාරිත්වය ලබා ගැනීම සදහා සකස් කර ගත යුතුය. එම සැකැස්ම ඉසුරු ලිනක්ස් මෙහෙයුම් පද්ධතිය තුළ පෙර නිමියෙන් ලැබේ. එහෙයින් සරල ක්‍රියාකාරකම් කීපයක් ආශ්‍රයෙන් Wordpress ස්ථාපනය කිරීම සිදු කර ගත හැකිය.