Sunday, September 11, 2016

යතුරු පුවරුව (Keyboard) භාවිතය.

ඔබට යතුරු පුවරුව භාවිතා කිරීම වේගයෙන් හා නිවැරදිව කිරීමට හැකි නම් එය ටර්මිනලය හරහා පරිගණකය සමඟ වැඩ කිරීමේදි වඩාත් පහසුවක් ගෙනදේ. පරිගණක ක්ෂෙත්‍රයේ බොහෝ ප්‍රවීණයන් යතුරු පුවරුව භාවිතා කරන්නේ Touch Typing ක්‍රමයටය එනම් යතුරු පුවරුව දිහා නොබලා ස්පර්ශයෙන් ටයිප් කිරීමය. ඔබටත් මෙම ක්‍රමය පුරුදු විය හැකිය. ටර්මිනලය භාවිතයෙන්ම Touch Typing පුරුදු කරගැනීමට විශේෂ මෘදුකාංගයක් එහෙමත් නැත්තම් යෙදවුමක් ලිනක්ස් පද්ධතියේ ඇත.
එය නමින් GNU Typist වන අතර එය ඔබගේ පද්ධතියේ ස්ථාපනය කරගැනීම සඳහා පහත විධානය ක්‍රියාත්මක කරන්න.
  1. sudo apt-get install gtypist

ඉසුරු ලිනක්ස් පරිගණකයට අලුතෙන් මෘදුකාංග ස්ථාපනය - 01 කොටස


Isuru Linux පරිගණකය පෙර නිමියෙන් ම අපට අවශ්‍ය මෘදුකාංග රැසක් ස්ථාපනය කොට අප අතට පත්වෙයි. එහෙත් යම් යම් අවශ්‍යතා සඳහා අපට වෙනත් මෘදුකාංග ද ස්ථාපනය කරගත යුතු වෙයි. මෙසේ ඉසුරු ලිනක්ස් සමග මෘදුකාංග ස්ථාපනය කර ගැනීම සඳහා ආකාර කීපයක් පවතී. මෙමගින් පෙන්වා දෙනු ලබන්නේ එසේ මෘදුකාංග ස්ථාපනය කරනු ලබන එක් අාකාරයකි.

01. Ubuntu Software Center එක භාවිතා කිරීම