Isuru Linux පරිගණකය පෙර නිමියෙන් ම අපට අවශ්‍ය මෘදුකාංග රැසක් ස්ථාපනය කොට අප අතට පත්වෙයි. එහෙත් යම් යම් අවශ්‍යතා සඳහා අපට වෙනත් මෘදුකාංග ද ස්ථාපනය කරගත යුතු වෙයි. මෙසේ ඉසුරු ලිනක්ස් සමග මෘදුකාංග ස්ථාපනය කර ගැනීම සඳහා ආකාර කීපයක් පවතී. මෙමගින් පෙන්වා දෙනු ලබන්නේ එසේ මෘදුකාංග ස්ථාපනය කරනු ලබන එක් අාකාරයකි.
වර්ථමානයේ Android Mobile device වලට පින්සිදු වන්නට එම උපකරණවලට මෘදුකාංග ස්ථාපනය කර ගැනීමට කුඩා ළමුන් පවා දනී. එවැනිම පහසු ආකාරයක් මෙම ලිනක්ස් මෙහෙයුම් පද්ධතිය මගින් ද ලබා දී ඇත. එය ඉසුරු ලිනක්ස් මෙහෙයුම් පද්ධතියේ තිබෙන Ubuntu Software එක භාවිතා කිරීම මගින් සිදු කර ගත හැකිය. ඒ සදහා ඉසුරු ලිනක්ස් හි Launcher එකෙහි තිබෙන Ubuntu Software අයිකනය මත click කොට ලැබෙන වින්ඩෝව මගින් ඔබට අවශ්‍ය මෘදුකාංගය තෝරා ගත හැකිය.
එහිදී ලැබෙන Search Box එක මගින් හෝ එහි තිබෙන Category භාවිතා කොට අවශ්‍ය මෘදුකාංගය තෝරා ගැනීමෙන් පසු එහි ඇති install විධානය මත Click කිරීමෙන් එය පරිගණකය ට ස්ථාපනය වෙයි.
සැලකියු යුතුයි: මෙහිදී අන්තර්ජාල සබඳතාවය පැවතිය යුතුයි.
බොහෝම වටිනවා හේමන්ත.
ReplyDelete
ReplyDeleteThanks malli....