Saturday, September 10, 2016

ප්‍රතිචාර නොදක්වන වින්ඩොවන් වසා දැමීම.

මෙහෙයුම් පද්ධති භාවිතයේදී බොහෝ විට යම් යම් වැඩ සටහන් අතර හිරවීම (stuck) සුලබ දෙයකි.ඔබත් සමහර අවස්ථා වලදී ඉසුරු ලිනක්ස් භාවිතයේදීද මෙවන් අවස්ථා වලට නිසැකයෙන් මුහුණු දී ඇත.සමහර අවස්තාවලදී විවුර්ත වන windows වසා දැමීමද අසීරු වී ඇත.
එවන් අවස්ථා වල ඔබට ඉසුරු ලිනක්ස් තුල පහත ක්‍රම වේදය භාවිතා කර බලන්න පුළුවන.
1.ප්‍රථමයෙන්  alt +F2  භාවිත කර run මෙනුව ලබා ගන්න.
   එවිට ඔබට run command ලෙස සඳහන්ව ඇති තීරුවක් දිස්වනු ඇත .
2.එහි xkill ලෙස type කර enter කරන්න.
   දැන් ඔබට කතිරයක ලකුණක් දිස්වනු ඇත.
3.ඔබට වසා දැමීමට අවශ්‍ය වින්ඩෝව මතට කතිරය ගෙන ගොස් click කරන්න.
   වින්ඩෝව වැසෙනු ඇත.
   ඔබට මෙම කතිර ලකුණ  terminal එක තුල xkill ලෙස type කර enter කිරීමෙන්ද ලබා ගත හැක .

No comments:

Post a Comment