Sunday, September 11, 2016

යතුරු පුවරුව (Keyboard) භාවිතය.

ඔබට යතුරු පුවරුව භාවිතා කිරීම වේගයෙන් හා නිවැරදිව කිරීමට හැකි නම් එය ටර්මිනලය හරහා පරිගණකය සමඟ වැඩ කිරීමේදි වඩාත් පහසුවක් ගෙනදේ. පරිගණක ක්ෂෙත්‍රයේ බොහෝ ප්‍රවීණයන් යතුරු පුවරුව භාවිතා කරන්නේ Touch Typing ක්‍රමයටය එනම් යතුරු පුවරුව දිහා නොබලා ස්පර්ශයෙන් ටයිප් කිරීමය. ඔබටත් මෙම ක්‍රමය පුරුදු විය හැකිය. ටර්මිනලය භාවිතයෙන්ම Touch Typing පුරුදු කරගැනීමට විශේෂ මෘදුකාංගයක් එහෙමත් නැත්තම් යෙදවුමක් ලිනක්ස් පද්ධතියේ ඇත.
එය නමින් GNU Typist වන අතර එය ඔබගේ පද්ධතියේ ස්ථාපනය කරගැනීම සඳහා පහත විධානය ක්‍රියාත්මක කරන්න.
  1. sudo apt-get install gtypist

    ස්ථාපනය කරගත් පසු භාවිතා කිරීම සඳහා ටර්මිනලයේ gtypist යනුවෙන් සඳහන් කරන්න. එවිට ඔබට පහත රූපයේ පරිදි හෙවත් ක්‍රියාත්මක වනු දැකගන්න ලැබේවී.

    මෙම ආරම්භකය තිරයේ දැක්වෙන පරිදි ඔබට Touch Typing ඉගෙන ගැනීම සඳහා මූලික පාඨමාලා 10ක් දකින්නට ලැබේවී. මෙම පාඨමාලා තෝරාගැනීමට යතුරු පුවරුවේJ, K, L හා M යතුරු භාවිතා කරන්න. ඉන්පසු ලබා දී ඇති උපදෙස් අනුව ඉගෙනගන්න පටන් ගන්න.
    දවසකට විනාඩි 5-10ක් වැනි සුළු කාලයක් මේ සඳහා වැය කර ඉක්මනින් Touch Typing පුරුදු වන්න. එවිට ඔබට ටර්මිනලයෙන් වැඩ කිරීම විනෝදජනක අත්දැකීමක් බවට පත්වේවී.

No comments:

Post a Comment