Thursday, October 6, 2016

Vectorian Giotto
Vectorian Giotto යනු සජීවී කරනය සන්ඳහා භාවිතා කළ හැකි අපූරු සජීවීකරන මෟදුකාංගයකි.
මෙය Adobe Flash මෟදුකාංගයට අපූරු ආදේෂනයකි.තවද මෙය ලාභදායි වඩා පහසුවෙන් භාවිතා
කල හැකි අපූරු මෟදුකාංගයකි.මෙය භාවිතයෙන් ඔබට වෙබ් අඩවි වල පහසුවෙන් භාවිතා කල

හැකි SWF(Small web Format) ගොනු සකසා ගත හැකිය.

Wednesday, September 14, 2016

ඉසුරු ලිනක්ස් පරිගණකය (Localhost) තුළ Wordpress ස්ථාපනය කිරීම


වෙබ් අඩවි සකස් කිරීමේ දී භාවිතා කරන සන්ධාර කළමනාකරණ පද්ධති (Content Management System-CMS) අතර ලෝකයේ ජනප්‍රියතාවයක් උසුලන Wordpress තුළ පෙන්වා දිය හැකි විශේෂතා කීපයකි. මෙහි එක් විශේෂත්වයක් නම් බ්ලොග් අඩවියක් ආකාරයට අපගේ වෙබ් අඩවිය පවත්වාගෙන යා හැකි වීමයි. එසේම එහිදී නිර්මාණාත්මක ලෙස මෙන්ම සිත් ඇදගන්නා ආකාරයට වෙබ් අඩවිය සකස් කරගත හැකි වීම මෙහි පවතින තවත් එක් විශේෂත්වයක් ලෙස පෙන්වා දිය හැකිය. එසේම මෙම සන්ධාර කළමනාකරණ පද්ධතිය නොමිලයේ ලබා ගත හැකි වීම ද පෙන්වා දිය හැකිය.
මෙම සන්ධාර කළමනාකරණ පද්ධතිය ඉසුරු ලිනක්ස් තුළ ස්ථාපනය කිරීම එතරම් අපහසු නොවේ. මන්ද යත් මෙම සන්ධාර කළමනාකරණ පද්ධතියක් ස්ථාපනයට පෙර යම් මාදුකාංග කීපයක් ස්ථාපනය කොට පරිගණකය Web Server එකක ක්‍රියාකාරිත්වය ලබා ගැනීම සදහා සකස් කර ගත යුතුය. එම සැකැස්ම ඉසුරු ලිනක්ස් මෙහෙයුම් පද්ධතිය තුළ පෙර නිමියෙන් ලැබේ. එහෙයින් සරල ක්‍රියාකාරකම් කීපයක් ආශ්‍රයෙන් Wordpress ස්ථාපනය කිරීම සිදු කර ගත හැකිය.

Tuesday, September 13, 2016

ඉසුරු ලිනක්ස් පරිගණකයට අලුතෙන් මෘදුකාංග ස්ථාපනය - 02 කොටස

02. Terminal එක භාවිතා කිරීම

ඉසුරු ලිනක්ස් හි මෘදුකාංග ස්ථාපනය සඳහා නොයෙකුත් රූපමය පරිශීලක අතුරු මුහුණත් පැවතිය ද සමහර විට අවශ්‍ය මෘදුකාංගය අන්තර්ජාලය ඔස්සේ සොයා ගැනීමට යම් මොහොතක් ගතවේ. එහෙත් ඉතාමත් වේගවත්ව මෘදුකාංග ස්ථාපනයට Terminal ය භාවිතා කළ හැකිය. මෙය භාවිතා කිරීමට යම් යම් දෙනා හුඹස් බියක් දක්වතත් Linux user කෙනෙකුට Terminal ය තරම් දෙයක් තවත් නොමැත.

Monday, September 12, 2016

ඉසුරු ලිනක්ස් තුළදී Terminal එකෙන් සංගීතය රස විඳිමු...

Rasika Nanayakkara
ලිනක්ස් මෙහෙයුම් පද්ධතියක තියෙන බල සම්පන්නම මෙවලමක් තමයි Terminal එක. GUI එකකින් සිදුකරන බොහෝ කටයුතු Terminal එකෙනුත් සිදුකරන්න හැකිවීම සහ GUI එකෙන් කරනවා තියා හිතන්නවත් බැරි බොහෝ දේ Terminal එකෙන් වඩාත් පහසුවෙන් සිදුකරගත හැකිවීම මඟින්ම Terminal එක කොපමණ බලසම්පන්න මෙවලමක්ද යන වග අපිට තේරුම් ගන්න පුළුවනි.  දැන් අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ  Terminal එක පමණක්ම  භාවිතයෙන් සංගීතය රසවිඳිනා ආකාරය පිළිබඳවයි.

terminal එක අාධාරයෙන් ඉසුරු ලිනක්ස් පද්ධතියම වසා දැමීම හෝ නැවත ආරම්භ කිරීම.

ඔබ ටර්මිනලය මඟින් පරිගණකය වසා දැමීම හෝ නැවත පණගන්වන්න පුලුවන් බව දන්නවාද..? ඇත්තටම මෙම කාර්‍යයන් පහත විධාන තුලින් ටර්මිනල් එක මඟින් සිදු කරගැනීම ඉතාම සරළ පහසු දෙයක්. මෙම කාර්‍යයන් සිදු කරගැනීමට ඔබට සුපිරි පරිශීලකයා වීමට සිදුවේ.

  • පද්ධතිය වසා දැමීම. power off the system.

    :~# poweroff හෝ :~$ sudo poweroff
  • පද්ධතිය නැවත පණ ගැන්වීම. re-boot the system.

    :~# reboot හෝ :~$ sudo reboot
 මීට අමතරව shutdown හා halt යන විධානයන්ද මේ සඳහා භාවිතා කල හැකිය

Sunday, September 11, 2016

යතුරු පුවරුව (Keyboard) භාවිතය.

ඔබට යතුරු පුවරුව භාවිතා කිරීම වේගයෙන් හා නිවැරදිව කිරීමට හැකි නම් එය ටර්මිනලය හරහා පරිගණකය සමඟ වැඩ කිරීමේදි වඩාත් පහසුවක් ගෙනදේ. පරිගණක ක්ෂෙත්‍රයේ බොහෝ ප්‍රවීණයන් යතුරු පුවරුව භාවිතා කරන්නේ Touch Typing ක්‍රමයටය එනම් යතුරු පුවරුව දිහා නොබලා ස්පර්ශයෙන් ටයිප් කිරීමය. ඔබටත් මෙම ක්‍රමය පුරුදු විය හැකිය. ටර්මිනලය භාවිතයෙන්ම Touch Typing පුරුදු කරගැනීමට විශේෂ මෘදුකාංගයක් එහෙමත් නැත්තම් යෙදවුමක් ලිනක්ස් පද්ධතියේ ඇත.
එය නමින් GNU Typist වන අතර එය ඔබගේ පද්ධතියේ ස්ථාපනය කරගැනීම සඳහා පහත විධානය ක්‍රියාත්මක කරන්න.
  1. sudo apt-get install gtypist

ඉසුරු ලිනක්ස් පරිගණකයට අලුතෙන් මෘදුකාංග ස්ථාපනය - 01 කොටස


Isuru Linux පරිගණකය පෙර නිමියෙන් ම අපට අවශ්‍ය මෘදුකාංග රැසක් ස්ථාපනය කොට අප අතට පත්වෙයි. එහෙත් යම් යම් අවශ්‍යතා සඳහා අපට වෙනත් මෘදුකාංග ද ස්ථාපනය කරගත යුතු වෙයි. මෙසේ ඉසුරු ලිනක්ස් සමග මෘදුකාංග ස්ථාපනය කර ගැනීම සඳහා ආකාර කීපයක් පවතී. මෙමගින් පෙන්වා දෙනු ලබන්නේ එසේ මෘදුකාංග ස්ථාපනය කරනු ලබන එක් අාකාරයකි.

01. Ubuntu Software Center එක භාවිතා කිරීම

Saturday, September 10, 2016

ප්‍රතිචාර නොදක්වන වින්ඩොවන් වසා දැමීම.

මෙහෙයුම් පද්ධති භාවිතයේදී බොහෝ විට යම් යම් වැඩ සටහන් අතර හිරවීම (stuck) සුලබ දෙයකි.ඔබත් සමහර අවස්ථා වලදී ඉසුරු ලිනක්ස් භාවිතයේදීද මෙවන් අවස්ථා වලට නිසැකයෙන් මුහුණු දී ඇත.සමහර අවස්තාවලදී විවුර්ත වන windows වසා දැමීමද අසීරු වී ඇත.
එවන් අවස්ථා වල ඔබට ඉසුරු ලිනක්ස් තුල පහත ක්‍රම වේදය භාවිතා කර බලන්න පුළුවන.
1.ප්‍රථමයෙන්  alt +F2  භාවිත කර run මෙනුව ලබා ගන්න.
   එවිට ඔබට run command ලෙස සඳහන්ව ඇති තීරුවක් දිස්වනු ඇත .
2.එහි xkill ලෙස type කර enter කරන්න.
   දැන් ඔබට කතිරයක ලකුණක් දිස්වනු ඇත.
3.ඔබට වසා දැමීමට අවශ්‍ය වින්ඩෝව මතට කතිරය ගෙන ගොස් click කරන්න.

Friday, September 9, 2016

ඔබ ඉසුරු ලිනක්ස් පරිගනකයට සම්බන්ධ කරන USB මොඩමය පරිගනකය හදුනාගන ගෙනෙ ඈති බව තහවුරු කර ගෑනීමට පහත විධාන Terminal තුලින් ලබා දෙන්න.

lsusb

ඔබගේ පරිගනකය මෝඩමය හදුනාගෙන නොමෑතිනම් පහත ක්‍රමය භාවිතා කරන්න.මෙම විදානයන් එකිනෙක ටර්මිනල් එක ආධරයෙන් ලබා දෙන්න. 

Thursday, September 8, 2016

අප භාවිතා කරන්නෙ ඉසුරු ලිනක්ස් 64 bit ද 32 bit ද බව තහවුරු කර ගැනීමට.


Image result for ubuntu versionඅප භාවිතා කරන්නෙ ඉසුරු ලිනක්ස් 64 bit ද 32 bit ද බව තහවුරු කර ගැනීමට.
1.terminal එක open කරන්න.
2.පහත විදානය ලබා දෙන්න.

uname -m
Press Enter

ප්‍රතිඵල පහත ලෙස ලැබෙනුඇත.
i686 is 32 bit
x86_64 is 64 bit

Isuru Linux icons වෙනස් මුහුණුවරකින් දකිමු.

Image result for orancheloIsuru Linux icons වෙනස් මුහුණුවරකින් දකිමු.
1.මුලින්ම ඔබ අවශ්‍ය theme pack එක ඉසුරු ලිනක්ස් පරිගණකට ස්තාපනය කර ගන්න.
(oranchelo theme pack එක ස්තාපනය කරන බව උපකල්පනය කරමින්)
පහත විදානය terminal එක තුළින් ලබා දෙන්න.
1.sudo add-apt-repository ppa:oranchelo/oranchelo-icon-theme
2.sudo apt-get update && sudo apt-get install oranchelo-icon-theme

Wednesday, September 7, 2016

ඉසුරු ලිනක්ස් භාවිතයෙන් Bootable pen drive එකක් සැකසීම.

ඉසුරු ලිනක්ස් භාවිතයෙන් Bootable pen drive එකක් සැකසීම.


අපේ ගුරුවරු කිහිප දෙනෙක්ම අහපු ප්‍රශ්නයක් නිසා මට හිතුන මේ වීඩියෝ එක කරන්න.ඔවුන්ගේ ප්‍රශ්නය වුයේ කොහොමද Isuru Linux bootable pen එකක් හදා ගන්නේ කියන එක.මේක කරන්ඩ විදි කිහිපයක්ම තියනවා.අපි බලමු Isuru linux පරිගණය බාවිතයෙන් මෙය කරන්නේ කොහොමද කියලා.මෙයට ඔබට පහත දේවල් තිබිය යුතුයි .
1.pen drive එකක් [අවම 8GB විතර]
2.Isuru Linux iso එක [පහත සබැඳියෙන් බාගත කර ගත හැකිය.

ටර්මිනල් එක තුළ මුරපදය ලබා දෙන විට මුරපදය වේනුවට තිත් පෙළක් දිස්වීමට සැලසීම..

ටර්මිනල් එක තුළ මුරපදය ලබා දෙන විට මුරපදය වේනුවට තිත් පෙළක් දිස්වීමට සැලසීම..

Tuesday, September 6, 2016

ඔබේ ඉසුරු ලිනක්ස් පරිගණකයේ Unity Desktop’s Launcher එකේ පිහිටීම වෙනස් කරන්න.


ඔබේ ඉසුරු ලිනක්ස් පරිගණකයේ Unity Desktop’s Launcher එකේ පිහිටීම වෙනස් කරන්න පහත විදානයන් terminal එක තුළින් ලබා දෙන්න.
1.gsettings set com.canonical.Unity.Launcher launcher-position 
   Bottom
2.gsettings set com.canonical.Unity.Launcher launcher-position 
   Left
3.gsettings set com.canonical.Unity.Launcher launcher-position 
   Right

ඔබත් කැමතීද මෙවන් desktop launcher එකක් ඔබේ ඉසුරු ලිනක්ස් පරිගණකයේ දකින්න.


ඔබත් කැමතීද මෙවන් desktop launcher එකක් ඔබේ ඉසුරු ලිනක්ස් පරිගණකයේ දකින්න.
මෙන්න එයට ක්‍රමය.පහත විදානයන් terminal එක අධාරයෙන් එකිනෙක ලබා දෙන්න.
1.sudo add-apt-repository ppa:cairo-dock-team/ppa
2.sudo apt-get update
3.sudo apt-get install cairo-dock cairo-dock-plug-ins11.
පරිගණකයෙන් log off වී log on වන්න.
dash home එකට ගොස් cairo dock එක select කරන්න.

ඉසුරු ලිනක්ස් සමග සංගීත නිර්මානණය කරමු.

එන්න ඉසුරු ලිනක්ස් එක්ක සංගීත නිර්මාණය කරමු.


Create, play back and print beautiful sheet music with free and easy to use music notation software MuseScore. For Windows, Mac and Linux.
MUSESCORE.ORG

Dual Boot නම් ඉසුරු ලිනක්ස්වල Grub එක ලස්සන විදියකට හදමු.

Dual Boot නම් ඉසුරු ලිනක්ස්වල Grub එක ලස්සන විදියකට හදමු.




Dongle එක Isuru Linux වලට connect කරන්නෙ කොහොමද?

Dongle එක Isuru Linux වලට connect කරන විට ඔබට ගැටළු මතු වී ඇතිද.මෙය ඔබට උපකාරී වේවි.


ඉසුරු ලිනක්ස් 16.04 සංස්කරණය, ඔබේ පරිගණකයේ ස්ථාපනය කරගන්නා ආකරය.Isuru Linux

ලෝකයේ ජනප්‍රියතම ලිනක්ස් පාධක මෙහෙයුම් පද්ධතියක් වන උබුන්ටු ලිනක්ස් මෙහෙයුම් පද්ධතියේ නවතම සංස්කරණය වන Ubuntu 16.04 සංස්කරණය, ඔබේ පරිගණකයේ ස්ථාපනය කරගන්නා ආකරය පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරේ.
Rasika Nanayakkara
ඉසුරු ලිනක්ස් ස්ථාපනය.
මෙම වීඩියෝව නිපදවීමට භාවිතා කළ FOSS මෘදුකාංග
Simple Screen Recorder
http://www.maartenbaert.be/simplescre...
OpenShot Video Editor
http://www.openshot.org/

Audacity Audio Editor
http://www.audacityteam.org/

ඉසුරු ලිනක්ස් තුළදී සිංහල යුනිකේත භාවිතා කරමු.

Image result for sinhala unicodeඉසුරු ලිනක්ස් තුළදී සිංහල යුනිකේත භාවිතා කරමු.


ඉංග්‍රීසි සිංහල ශබ්ද කෝෂයක් ඉසුරු ලිනක්ස් පරිගණකයට ස්ථාපනය කර ගැනීම.

Image result for dictionary

ඔබේ ඉසුරු ලිනක්ස් පරිගණකයට ශබ්ද කෝෂයක් ස්ථාපනය කර ගමු.

හේමන්ත අමරවික්ක්‍රම.


ඉංග්‍රීසි සිංහල ශබ්ද කෝෂයක් ඉසුරු ලිනක්ස් පරිගණකයට ස්ථාපනය කර ගැනීම.

ඉසුරු ලිනක්ස් පරිගණක ජාලය අදාරයෙන් online පරීක්ෂණයක් පැවැත්විම.

Image result for online test

ඉසුරු ලිනක්ස් පරිගණක ජාලය අදාරයෙන් online පරීක්ෂණයක් පැවැත්විම.

ටර්මිනල් එක තුළ මුරපදය ලබා දෙන විට මුරපදය වේනුවට තිත් පෙළක් දිස්වීමට සැලසීම..


ටර්මිනල් එක තුළ මුරපදය ලබා දෙන විට මුරපදය වේනුවට තිත් පෙළක් දිස්වීමට සැලසීම..




ඉසුරු ලිනක්ස් පරිගණකයේ ගොනු සඟවන අකාරය.(දෙවන කොටස)

Image result for linux files and directoriesලිනක්ස් පාදක මෙහෙයුම් පද්ධතියක් තුළදී අපගේ පරිගණකයේ ඇති විවිධ ෆයිල්ස් සහ ඩිරෙක්ටරීස් වඩාත් පහසුවෙන් අන්‍යන්ට නොපෙනෙන ආකාරයට සඟවන ආකාරය මේ වීඩියෝවෙන් සාකච්ඡා කෙරේ. මෙවර මවිසින් .hidden යන නමෙන් යුතු ටෙක්ස්ට් ෆයිල් එකක් නිර්මාණය කර ඒ ෆයිල් එක තුළට සැඟවීමට අවශ්‍ය අනිත් ඩිරෙක්ටරීස් සහ ෆයිල්ස්වල නම් අන්තර්ගත කළෙමි. F5 මගින් ස්ක්‍රීන් එක රීෆ්‍රෙෂ් කළ විට අදාළ ඩිරෙක්ටරීස් සහ ෆයිල් සියල්ල සැඟවී ඇත. ඔබත් අත්හදා බලන්න... :-)

මෙම වීඩියෝව නිපදවීමට භාවිතා කළ FOSS මෘදුකාංග
Simple Screen Recorder
http://www.maartenbaert.be/simplescre...

OpenShot Video Editor
http://www.openshot.org/

ඉසුරු ලිනක්ස් පරිගණකයේ ගොනු සඟවන අකාරය.(දෙවන කොටස)

Rasika Nanayakkara

ඉසුරු ලිනක්ස් පරිගණකයේ ගොනු සඟවන අකාරය.

Image result for linux files and directoriesලිනක්ස් පාදක මෙහෙයුම් පද්ධතියක් තුළදී අපගේ පරිගණකයේ ඇති විවිධ ෆයිල්ස් සහ ඩිරෙක්ටරීස් වඩාත් පහසුවෙන් අන්‍යන්ට නොපෙනෙන ආකාරයට සඟවන ආකාරය මේ වීඩියෝවෙන් සාකච්ඡා කෙරේ.
මෙම වීඩියෝව නිපදවීමට භාවිතා කළ FOSS මෘදුකාංග
Simple Screen Recorder
http://www.maartenbaert.be/simplescre...


OpenShot Video Editor
http://www.openshot.org/

ඉසුරු ලිනක්ස් පරිගණකයේ ගොනු සඟවන අකාරය.

Rasika Nanayakkara